FOREX

Forigan Exchange Market යන වචනය කෙටි කර තමා Forex කියන වචනය හැදිල තියෙන්නෙ .

Forex වෙලදපොලේ ආරම්බය ගැන සදහන් කරොත් 1967 වසර ඇමරිකානු මහාචාර්යවරයෙක් මෙය අත්හදා බැලීමක් වසයෙන් කර ඇති බව තමා සදහන් වෙන්නෙ.

ලොව ප්‍රමුඛ පෙලේ රටවල් වල මුදල් ඒකක වගේම( ඇමරිකාව වල ඩොලර් වගේ) ලොව ප්‍රදාන පෙලේ ආයතන වල කොටස් ( google .facebook ) ඒ වගේම අපේ රටේ ගොඩක් කතාවෙන බොරතෙල්,ඒ වගේම රත්තරන් වැනි දෑ මෙම forex වෙලදපොලේ  ගනුදෙනු අතර වේ.

Forex Trading කියන්නෙ මොකද්ද ?

Forex market කියල තමා මේක අදුන්වනනෙ.තව Fx Market ,Currency Market කියන නම් වලිනුත් මේක අදුන්වනව.අපි දන්න විදියට මේකට Forex Market කියල කියමුකෝ. Forex කියන වචනය හැදිල තියෙන්නෙ Forigan හා Exchange කියන වචන වල එකතුවෙන්.දැන් ඔයාල දන්නවනෙ forex කියන නම ගැන Forex Trading කියන්නෙ මෙහෙම දේකට.ඔයාල දන්නවනෙ අපේ රටේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල කඩන් වැටිල කියල.අද තියෙන මිල නෙමේ හෙට තියෙන්නෙ ඒක වෙනස් වෙනව. ඔය වෙනස් වීමට තමා Forex Trading කියල කියන්නෙ. 

උදා: අපි හිතමු අද Usd 1 රුපියල් 150 කියල.මේ දැන් තියෙන මිල.Forex Trading කියන්නෙ තියන මිල ඉදල ඊලගට මොනව වෙයිද කියල Analyze (විශ්ලේෂණය) කරන එකට.

අපි ඊලග පැයේ මිල පහල යයි කියල.අපි දානව sell Ordar එකක් ඉහල යනව කියල හිතනවනම් buy Ordar එකක් .බය වෙන්න එපා trade කරන විදිය පස්සෙ කියල දෙන්නම් .

Forex වෙලදපොලේ ඇති මුදල් වර්ග

අපි දැන් දන්නවා ගනුදෙනු කරන්නේ විදේශීය මුදල් වර්ග එක්ක කියල. හැබැයි හැම රටකම මුදල් වර්ග Forex Market එකේ භාවිතා වෙන්නේ නැ. ලෝකේ තියන බලවත් රටවල මුදල් වර්ග විතරයි forex market එකේ භාවිතා වෙන්නේ. ඒක නිසා අපිට මතක තියාගන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි. අවාසනාවකට අපේ රටේ භාවිතා වෙන රුපියල් (LKR) forex වල භාවිතා වෙන්නේ නැ. හරි අපි බලමු දැන් forex වල භාවිත වෙන මුදල් වර්ග අයත් රටවල් මොනාද කියල.

Forex market සිටින බලවතුන්

1. ඇමරිකාව (United States of America)
2. යුරෝපය  (Europe)
3. ජපානය  (Japan)
4. කැනඩාව  (Canada)
5. ඔස්ට්‍රේලියාව  (Australia
6. එංගලන්තය  (United Kingdom)

භාවිත වෙන මුදල් වර්ග

Forex වෙලදපොල පාලනය වෙන්නෙ කලාප 4 වශයෙන් .ලෝකය වෙලාවෙන් ගත්තොත් එක රටක රාත්‍රිය උදාවෙද්දි තව රටක උදෑසන වෙනව.ඉතින් forex වෙලදපොලට දවසෙ පැය 24 සතියෙ දවස් 5 විවෘත ව තමා තිබෙන්නෙ

පහත පින්තූරය බලන්න.GMT එකට 5.30 එකතු කරාම අපේ වෙලාවට හදාගන්න පුළුවන් .

කොහොමද සම්බන්ද වෙන්නෙ මෙතැනින් Click යන්න

Close Menu