ගනුදෙනු යොදමු

අපි දැන් account open කරගෙන software එකෙන් log වෙලා ඉන්නෙ.

අපි බලමු ගනුදෙනු යොදන විදිය.තාම ගනුදෙනු දාන්නෙ demo (training) account නිසා කිසිම පාඩුවක් වෙන්නෙ නෑ ඔයාට.

මම ඉස්සෙල්ලම කියල දෙන්නෙ laptop ,pc , වැනි උපාංග වලින් ගනුදෙනු යොදන විදිය.ඊලගට කියල දෙන්නම් phone එකෙන් කරන විදිය.

ගනුදෙනුවක් යොදන්න අපි තෝරගන්න ඕන currency pair එකක්.මම මුලින් කිව්වනෙ මේව තියෙන්නෙ යුගල වශයෙන් කියල.

අපි ලෝකෙ ගොඩක් අය ගනුදෙනු කරන currency pair එකකින්ම වැඩේ පටන්ගමු .

Gbpusd කියන එක තොරගෙන trade (ගනුදෙනුවක්) එකක් දාමු.

අපි ගනුදෙනුවක් ( trade ) යොදන්න කලින් බලන්න දේවල් ගොඩක් තියනව.මම ඒව indicates පාඩමෙන් සහ උපක්‍රම පාඩමෙන් කියල දෙන්නම්.

අපි බලමු trad එකක් යොදන්නෙ කොහොමද කියල.මුලින් කියල දෙන්නම් laptop ,pc,tab වලින් කරන් විදිය.ඊට පස්සෙ කියල දෙන්නම් phone එකෙන් කරන විදිය .

මුලින්ම පහත පින්තූරයේ විදියට chart එකට යන්න.

Trade යොදන විදි 2 තියෙනව

1 chart එකෙන් right click කරල යන එක.(  Trading >> New Order )

2 උඩ තියන new order ගිහිල්ල දාන එක.

පහත විදියට පින්තූරයක් එයි. අපිට ගනුදෙනු යොදද්දි.

මේ මොහොතෙ ගනුදෙනු යොදන්න පුළුවන් ,ඒ වගේම පසුවට open වෙන්න යොදන්න පුළුවන් දැන් බලමු මේ මොහොතේම trade එකක් දාන්නෙ කොහොමද කියල.

අපි ඉස්සෙල්ලම buy order එකක් දාමු.දැන් trade එක වැටෙන්නෙ 1.27148 ( එහෙම හිතල trade එක දාමු)

 

 

 

පුහුණු වෙන නිසා අපි stop loss සහ take profit හැම එකක්ම pip 50 තියමු

Volume :එකට අපි දාන lots Siz එක දෙන්න.අඩුම lot එකෙන් පටන් ගන්න 0.01.

Stop loss : මේක ඉතා වැදගත් .demo කරන නිසා pip 50 වගේ යටින් දෙන්න .(1.26500).

Take Profit : ඒක තමා අපිට එන profit (ලාබය) ඒක දෙන්න තව pip 50 උඩින්(1.27650)

Pending Order

අපිට හැමවෙලාවෙම market එක දිහා බලාගෙන ඉන්න බෑනෙ.ඉතින් ඒකට forex වල පහසුකම් සලසල තියෙනව පසුවට trade එක වැටෙන විදියට.ඒ තමා Pending Order

අපි බලමු pending order දාන්නෙ කොහොමද කියල.

New order >> Type >> pending order ( market Execution / pending order ඕකෙන් pending order දෙන්න.

Buy limit

Sell limit

Buy stop

Sell stop

 

 

 

 

Sell Stop

Sell stop මේ trad එක දාන්නෙ අපි හිතමු.1.27148 තියෙන්නෙ කියල.මේක අපිට ඕන තව පහලට ගියොත් trad එක වැටෙන විදියට set කරන්න අපි දානව trad එක වැටෙන්න එතනට ගියොත් තමා trad එක open වෙන්නෙ නැතිනම් open වෙන්නෙ නෑ.

පහල පින්තූරයේ බලන්න trad එක දාල තියන විදිය.

Sell Limit

මේකෙන් වෙන්නෙ market price එකේ ඉදල trade එක උඩට ගිහිල්ල එනව කියල හිතනවනම් උඩින් trade එක අල්ලගන්න එකට තමා Sell Limit කියන්නෙ පහත පින්තූරය බලන්න.

පහල පින්තූරයේ බලන්න trade එක දාල තියන විදිය.

Buy Stop

මේකෙන් වෙන්නෙ market price එකේ ඉදල trad එක උඩට යනවනම් උඩින් trad එක අල්ලගන්න එකට තමා Buy Stop කියන්නෙ. පහත පින්තූරය බලන්න.

පහල පින්තූරයේ බලන්න trade එක දාල තියන විදිය.

 

Buy Limit

මේකෙන් වෙන්නෙ market price එකේ ඉදල trad එක පහලට ගිහින් නැවත trade එක උඩට එයි කියල හිතනවනම් යටින් trade එක අල්ලගන්න එකට තමා Buy Limit කියන්නෙ. පහත පින්තූරය බලන්න.

පහල පින්තූරයේ බලන්න trade එක දාල තියන විදිය.

Close Menu