LOTS

Forex වලදී අපිට ඉතාම වැදගත් දෙයක් තමයි Lot size/Volume ( volume කියල තමා MT4 Software එකේ පෙන්නන්නෙ) කියලා කියන්නේ.

අපි දන්නවා බර කිරන්නේ Kg ,g වලින්. දුර මනින්නේ Km ,m , cm ද්‍රව මනින්නේ L,ml වලි න් එය සම්මතයක්. .ඒ වගේම තමයි Forex  වලත් යම් යම් සම්මත ඒකක තියනවා.

අපි  Forex කරන විට යම් කිසි මුදල් ඒකක ප්‍රමාණයක් මිළට ගන්න ඔනි වෙනවා.

ඒ සදහා අපිට Lot යන සම්මත ඒකකය ඉදිරිපත් කරලා තියන්වා

Lot වර්ග කිපයක්ම තියනවා හරියට Km,m, cm,mm   වගේ. ඒවා තමයි තව Standard, Mini Lot , Micro Lot , Nano Lot හරි මේ ටික බලන්නකෝ.

මෙයින් සම්මත ඒකකය වන්නේ Standard Lot  කියන එකයි එයට ඒකක 100,000

ඇතුලත් වෙනවා.

ඉතින් අපි  Trade එකක දාන්නනම් මෙම Lot එකක් ගන්න වෙනවා.

හරියට අපිට බත් කන්න ඔනිනම් අපි හාල් යම්කිසි කිලෝ ප්‍රමාණයක්මිළට ගන්න ඔනි.ඒ වගේම තමයි Trade කරන්න ඔනිනම් අපි Lot  එකක්‍ ගන්න වෙනවා.

අපිට lot 1 ගන්න ඕනෙ නෑ එක පාර .lots 1 රුපියල් 100 කියල හිතුවොත් අපිට රුපියල් 1 ඉදල ගනුදෙනු කරන්න පුලුවන් .ඒ කියන්නෙ 0.01 lots siz එකෙ ඉදල ගනුදෙනු යොදන්න පුළුවන් .

Lot කියන එක පැහැදිලි නේද.ඉස්සරහට demo account එකෙ ගනුදෙනු දානකොට කොහොමත් ඕක පැහැදිලි වෙනව.

 

හරි දැන් අපි බලමු මෙම  Lot එකක්‍ ගන්න අපිට කියක් වැය වෙනවද කියලා.

දැන් මෙම මොහොතේ හිතන්න EUR/USD  අගය 1.2000 අගයේ තියෙන්නේ කියලා.

 

එතකොට අපිට Lot එකක් ගන්න කොපමණ මුදලක් වැය වෙනවද බලමු.

100,000 *1.2000 = 120000USD

අනෙ අම්මෝ Forex  කරන්න කොහෙන්ද අපිට මෙහෙම සල්ලියක් නේද?

ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඉස්සර Forex කියන්නේ ධන කුවේරයන්ට විතරක් කරන්න පුලුවන් උනේ, බය වෙන්න එපා දැන් අපිටත් ධන කුවේරයෙක් වගේ වැඩේට අත ගහන්න පුලුවන්.

ඒ සදහා Leverage නොතිබෙන්න  අපි Forex කරනවා බොරු.

Leverage

ඉතා වැදගත් මාතෘකාවක්.මොකද forex වලදි කතාවෙන වැදගත් වචනයක් තමා මේ leverage කියන්නෙ.

මොකද්ද මේ leverage

    

අපි මේ ගනුදෙනු කරන්න යන්නෙ ලෝකෙ තිබෙනෙ විශාලම වෙලදපොලේ කියල කිවුවනෙ කලින්.ඉතින් ඒකෙ ගනුදෙනු කරන්නෙ ඩොලර් ලක්ෂ කෝටි ගන්නින් .නමුත් අපිට පුළුවන්ද ඒ වගෙ සල්ලියක් දාන්න බෑනෙ නේද .අන්න එතනදි තමා අපිට leverage එකයි,බොර්කරුයි වැදගත් වෙන්නෙ.මොකද බෝරකර් තමා අපිට ඒක දෙන්නෙ.

බලමු දැන් මාතෘකාව

බලමු මේ forex trading  Leverage එකෙන් මොනාද සිද්ද වෙන්නේ කියලා

හිතන්න දැන් මිළ EUR/USD 1.3000

හරි අපි බලමු දැන් අපිට EUR/USD Lot  එකක් ගන්න කොපමාණ මුදලක් වැය වෙනවද කියලා.

100,000 *1.2000 = 120, 000USD

මෙච්චර ගාණනක් අපිට වැය කරන්න බෑනේ. ඔබට මතක ද Real account එකක් Open කිරිමෙදි තියනවා Leverage කියලා එකක්.

හරි එහෙමනම් ඔබට මතක ඇති අපි යොදා ගත් අගය එය 1:500, තව 1:100,1:400 වගේ අගයනුත් තියනවා.නමුත් ආරක්ෂාකාරි අගයක් ලෙස 1:500 අගය තමයි .. හරි අපි බලමු Leverage මගින් අපිට වාසිය අත් වන අන්දම.

1.2000*100,000 =120,000 USD

Leverage කළ විට (1:500)

120,000 / 500 =240 USD

Leverage කළ විට අපිට EUR/USD  , Lot එකක්  මිලට ගන්න 240 USD අවශ්‍ය වෙනවා .

Leverage කලත් අපිට Lot  එකක් ගන්න බැ වගේ නෙද ? ඇයි $ 240ක්  අවශ්‍ය වෙනවාLot එකක් ගන්න. බය වෙන්න එපා ඒකටත් විසදුමක් තියනවා.

Lot  එකක් ගන්න ඔනි නෑ.

Trade  එකක් Open  කරදි තියෙන්නේ Volume  0.01,0.02,0.03 ආදී වශයෙන් .

අපිට පුලුවන් අවමය 0.01 Lot  ප්‍රමාණයක් ගන්න

දැන් අපි මුල ඉදන්ම බලමු අපිට Trade එකක් දාන්න කොපමණ මුදලක්අවශ්‍ය වෙනවද කියලා

1.2000*100,000=120,000USD  ( Lot එකක මිල කල  Leverage  කිරීමට පෙර)

Leverage කළ විට (1:500)

120,000 / 500 = 240 USD   ( Lot එකක මිල කල  Leverage  පසු)

අපි Lot එකකින සීයෙන් පන්ගුවක්( 0.01) ගන්න නිසා ඒ සදහා වැය වන මිළ

240/100=2.4 USD

ඒ කියන්නේ අපිට Volume  0.01 යටතේ   Trade එකක දාන්න අවශ්‍ය වන්නේ 2.4 USD වැනි සුලු මුදලක්.

ඉතින් ඔබට පෙනෙනවා නේද දැන් 300USD  වගේ  මුදලකින් අපි කොහොමද Forex  වල Trade කරන්නේ කියලා.

1:500 Leverage  කියන දෙයින් හරියටම වෙන්නේඅපි විසින් යොදනු ලබන සෑම ඩොලර් එකකටම තවත් ඩොලර් 499 ක්   එකතු කර 500 ක් බවට පත් කිරිමයි.

Pips

මොනවද මේ පිප්ස් කියන්නෙ.forex වලදි තවත් ඇහෙන වචනයක් තමා pip.

සමහරවිට ඔයා දැනටමත් අහලා ඇති Pip, Pipettes කියන වචන ගැන. පහතින් විස්තර කරලා තියෙන්නේ මේ Pip, Pipettes කියන්නේ මොනවද සහ ඒවායේ අගයන් ගණනය කරන්නේ කොහොමද කියලා. Forex trading වලදි මේ Pip ගැන අවබෝධය ගොඩක් වැදගත් වෙන නිසා ඒ ගැන හොඳින් දැන ගන්න පෙර trading නොකරන එක සුදුසුයි.

Pip සහ Pipettes

මුදල් වර්ග දෙකක් අතර අගය වෙනස්වීම ප්‍රකාශ කිරීමට යොදාගන්නා මිනුම් ඒකකය හැඳින්වෙන්නේ Pip කියලා. EUR/USD වල අගය 1.2250 සිට 1.2251 දක්වා වෙනස් වුනා කියල හිතන්න. මේ USD 0.0001 කින් වැඩි වීම කියන්නේ Pip 1ක් වැඩිවුනා කියන එකයි. සමාන්‍යයෙන් price quote එකක අන්තිම දශමස්ථානයෙන් කියන්නේ මේ Pip එක. ගොඩක් currency pairs දක්වන්නේ දශමස්ථාන 4කින් සහ සමහර currency pairs දශමස්ථාන 2කින්. නමුත් සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා, price quote එක දක්වන්නේ දශමස්ථාන 5කින් සහ 3කින්.(අපි ගනුදෙනු කරන බොර්කර්ගෙ දශමස්තාන 5) උදාහරණයක් විදියට EUR/USD වල අගය 1.22500 සිට 1.22501 දක්වා වෙනස් වුනා කියල හිතන්න. මේ USD 0.0001 කින් වැඩි වීම කියන්නේ Pipette 1ක් වැඩිවුනා කියන එකයි.පහත පින්තූරයේ විදියට.අවසන් දශමස්තාන 4 පිප් 5 වෙනි දශමස්තාන වලට කියන්නෙ pipettes

දැන් අපි බලමු මේ Pip එකක වටිනාකම කොහොමද ගණනය කරන්නේ කියලා.

1 EUR / 1.2250 USD

( 0.0001 USD / 1.2250 USD ) * 1 EUR  = 0.00008

මෙහිදී එක unit එකකට EUR 0.00008 වෙනවා. අපි unit 10,000ක් trade කලොත් ආසන්න වශයෙන් pip එකක වටිනාකම EUR 0.80ක් ( 0.00008 EUR * 10,000 units ) විතර වෙනවා .

       ඕකට තමා පිප් කියන්නෙ තේරුනා නේ.

ECN Broker

Electronic communication network කියන වචනෙ කෙටි කරල තමා ECN කියල හැදිල තියෙන්නෙ . 

 

කවුද මේ ECN broker මෙහිදි සිදුවන්නෙ ඔබ ආයෝජනය කරන මුදල් කෙලින්ම forex market එක යොමුකිරීමයි.පහත පින්තූරය බලන්න.

ECN broker කෙනෙක්ගෙන් අපට ඇති වාසි

ඉතා කුඩා spread අගයක් බාවිතාකිරීම ( පිප් 2 උපරිම)

Stop loss hunting නොකිරීම (market එකෙ පවතින සැබෑ මිල නොපෙන්වා අපි යොදන stop loss අගය වෙත බලෙන්මෙන් කැදවාගෙන යාම තමා stop loss hunting කරනව කියන්නෙ)

ECN brokers ලා Trader ට විරුද්දව Trade කරන්නේ නැහැ.

මුදලේ ආරක්‍ෂිත භාවය.

Close Menu